පසුගිය සතියට සාපේක්ෂව උඩරට එළවළු වර්ග රැසක මිල පහල යමින් පවතින බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසති.
පැවති වර්ෂා සහිත අයහපත් කාලගුණ තත්වයත් සමග එළවළු වගාවන් විනාශ විම හේතුවෙන් පසුගිය සතිය පුරා එළවළු කිලෝවක තොග මිල යම් මට්ටමකින් ඉහල ගොස් තිබු අතර එළවළු වර්ග රැසක මිල මේ වන විට යලි පහත වැටෙමින් තිබෙන බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසති.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල එළවළු අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වලට ලැබීම හේතුවෙන් මෙලෙස බොහොමයක් එළවළු වර්ග වල මිල ගනන් පහත යමින් පවතින බවත් බෝංචි ඇතුළු එළවළු වර්ග කිහිපයක පමනක් මිල ඉහල ගොස් ඇති බවත් වෙළෙදුන් පවසති.
මේ වන විට පසුගිය දින වල රුපියල් හාරසිය පනහක මිලක පැවති තක්කාලි කිලෝවක තොග මිල රුපියල් එකසිය හැටක් දක්වා පහත වැටී ඇති බවත් වෙලෙදුන් පවසන අතර පහත සදහන් මිල ගනන් වලට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග කිලෝවක මිල පවතින බවත් වෙළෙදුන් පැවසීය.
ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 650 සිට රුපියල් 350 ක් දක්වාත් රුපියල් පන්සියට තිබු කැරට් කිලෝවක් රුපියල් 250 ක් දක්වාත් රුපියල් 170 ට තිබු ගෝවා කිලෝවක් රුපියල් 120 ක් දක්වාත් රුපියල් 250 - 300 තිබු නෝකෝල් රුපියල් 150 ක් දක්වාත් රුපියල් 300 ට පැවති වම්බටු කිලෝවක් රුපියල් 200 ක් දක්වාත් රුපියල් 700 පැවති මාළු මිරිස් රුපියල් 600 ක් දක්වාත් රුපියල් 350 ට පැවති අම්මිරිස් කිලෝවක් මේ වන විට රුපියල් 280 ක් දක්වාත් රුපියල් 110 ක මිලක පැවති රාබු කිලෝවක් මේ වන විට රුපියල් 80 ක් දක්වා පහත වැටී තිබේ.
වැලිමඩ කුමාරගේ