උඩප්පුව පොලිස්ථානයේ අපරාධ විමරෂණ අංශයේ ස්ථානාධිපති වරයාගේ රාජකාරි තාවකාලිකව අද 07 දින සිට තහනම් කිරීමට කටයුතු කර ඇතිබව පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසයි. මෙසේ රාජකාරිය තාවකාලික තහනමකට ලක්ව ඇත්තේ උඩප්පුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති චාමර කුමාර රාජපක්ෂ යන අය බව මුන්දලම පොලීසිය පවසයි. ඉක්ත් 5දා රාත්‍රියේ උඩප්පුව ප්‍රදේශයේ ගම්මුන් පිරිසක් සහ ස්ථානාධිපතිවරයා අතර ඇති ගැටුමකදී ගම්මුන් හට පරුෂ වචනයෙන් බැන සිදුකළ පහර දීමක් හේතුවෙන් මෙසේ රාජකාරිය තහනමකට ලක්කළ බව නියෝජ්‍ය පොලිස්පත්වරයාගෙන් සිදුකළ විමසීකදී පැවසුවේය.
මෙසේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ආඩිමුනේ උඩප්පුව පදිංචි චන්ද්‍ර ප්‍රදීපන් සහ රගුවරන්න නමැති පුද්ගලයින් දෙදෙනෙකි. ඒ අනුව උඩප්පුව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන ලද තුවාල කරුවනගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇත.
අපරාධ විමරෂණ අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයකින් උඩප්පුව ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාර්ගය අද්දර පිරිසක් එකතුවී සිටි බවත් ඉන් පුද්ගලයෙකු ගමන් කරන කාර් රථයට
කෙළ ගැසූ බවත් ඉන් අනතුරුව ඇත්වූ බහින් බස් දීමකදී මෙම පහරදීම සිදුවූ බවත් අපරාධ විමරෂණ අංශයේ ස්ථානාධිපතිවරයා පොලීසියට පවසා ඇත. ගම්මුන් පවසා ඇත්තේ එසේ කෙළ ගැසීමක් සිදු නොවූ අතර ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් බැස විමසීමකින් තොරව පරුෂ වචනයෙන් බැන පහර දුන් බවයි. එම සිදුවීම පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර පොලීසියට භාර දී ඇතිබව මුන්දලම පොලීසිය පවසයි. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ මත්පැන පානය කර ඇතිබවට සෙවීමට රුධිර සාම්පලයක් ගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පුත්තලම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස්මත පුත්තලම කෝට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එච්. කේ. රූපසිංහ සහකාර පොලිස් අධිකාරී සුජීවද සොයිසා යන නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් මුන්දලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ලලිත් නවරත්න