උකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.
මෙහිදි උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලයේ දිනක වැටුප කොරොනා මර්දන වැඩසටහන් සදහා පරිත්‍යාග කිරිමට කටයුතු කළහ.
මන්ත්‍රි සිසිර ජයම්පති මහතා යෝජනා කරමින් කොට්ඨාසයේ දුම්වැටි අලෙවිය තහනම් කිරිමට පියවර ගන්නා දැන්වු අතර ඒ සදහාද කමිටුවේ අනුමැතිය හිමි විය.
මෙහිදි පවතින වාතාවරණය හමුවේ උකුවෙල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන ලබා දිමේ කටයුතු පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අවශ්‍ය භාණ්ඩ බෙදා දිම් පිළිබඳව වෙළඳසැල් හිමියන් සදහා සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිමට මෙහිදි සාකච්ඡා විය.
උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ උකුවෙල ප්‍රාදේශිය සභා සභාපති චේතිය දිසානායක මන්ත්‍රි ජයන්ත එරමිණිගම්මන යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.
රත්තොට - රුවන් ධනංජය