ඊශ්රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල් වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර පොලිස් කොට්ඨාසය තුළ ඇති සංචාරක හෝටල් වලට පැමිණෙන විදේශීය සංචාරකයන් පිළිබඳව දෛනික වාර්තා ලබා ගැනීමට පොලිසියද පියවර ගෙන ඇති අතර ඒ අතරින් ඊශ්රායල් ජාතිකයන් නවාතැන් ගන්නා සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද පොලිසිය පියවර ගෙන තිබේ .
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේඋපදෙස් පරිදි ක්රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙල යටතේ එම සංචාරක හෝටල් ආශ්රිතව විශේෂ මුර සංචාර වැඩපිළිවෙලක්ද ක්රියාත්මක කොට තිබේ.