මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය තුලදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අනපේක්ෂිත ප්‍රහාරය සිදුවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති හෙයින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ශාව සදහා නිසි පියවර ගන්නා ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටි .
පසුගිය දින කීපය තුළ ඊශ්‍රායලයේ උතුරු සහ දකුණු කලාපවලට ෂෙල් රොකට් ප්‍රහාර ගණනාවක් එල්ලවූ බවත් , ඒ සියල්ල සාර්ථක මර්ධනය කිරීමට ඊශ්‍රායල් හමුදවන් සමත් වූ බවද හෙතෙම පවසයි .
පසුගිය ගෙවුණු පැය 24 ක කාලය තුල හූති සංවිධානය ට අයත් නාවික යාත්‍රා දෙකක් රතු මුහුදේදී ඇමරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ලකර විනාශ කිරිමත් සමඟ කලාපයේ යුධ උණුසුම් ඉහල යමින් පවතින බවත් , මේ තත්ත්වය මත නිරන්තරයෙන්ම තම ආරක්ශාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර තම සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසත් හදිසි අවස්ථාවකදි අවශ්‍ය උපකාර සදහා තානාපති කාර්යාලය අමතන ලෙසට ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ඉල්ලා සිටි .
හදිසි අවස්ථාවකදී තම නිවෙස්වල , සේවා ස්ථාන වල ඇති ආරක්ෂිත නිවෙස්නයන් භාවිතා කරන ලෙසත්, දින කීපයකට අවශ්‍ය සියලු ආහාර , බීමට අවශ්‍ය ජලය ඖෂධ භාවිතා කරන්නන් තම අඅවශ්‍ය තාව අනුව අදා ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට රදවා තබා ගන්නා ලෙසෙට දැනුම් දෙයි .
වරින්වර GPS හා දුරකථන සබදතා අවහිර වීමට හැකි බැවින් අදාළ අවස්ථාවල එම සබදතාවයන් යථා තත්වයට පත් වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන මෙන් දැනුම් දී සිටි.
ඊශ්‍රායලයේ සිටින තම ඣාතින් හිතවතුන් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, ඊශ්‍රායල් රජය ඇති විය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සදහා රෝහල් , ගිලන් රථ සේවා සූදානම් කර ඇති අතර , ඇතිවන ඕනෑම තත්ත්වයක් පාලනය කිරිමට ඊශ්‍රායල් හමුදවන් සුදානමින් සිටින බවද ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා සදහන් කරයි.
මෙම වර්ධනය වන තත්ත්වයත් පිළිබඳව ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරව විමසිල්ලෙන් පසුවෙන බවත් ,යම් දුශ්කර තත්ත්වයක් ඇති වුවහොත් ර්ඒ පිළිබඳව තානාපති කාර්යාලය වහා දැනුවත් කරන මෙන් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ඉල්ලා සිටිති .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්