අද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා පෞද්ගලිකව ඔවුන් අතර ඇති වූ ගැටුම් මත සිදුවූ බව නිරීක්ෂණය වන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සිද්ධීන් දේශපාලන පසුබිමක් හෝ දේශපාලන ක්‍රියාකාරකම් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
ඝාතන සිද්ධීන් හතර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය හා සම්බන්ධ කර ගනිමින් විවිධ මත පළ වු බවද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් කරන පරීක්ෂණවලදී මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දේශපාලන පසුබිමක් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වන බවත්, ඝාතන සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මිදිගම හා කළුබෝවිල ප්‍රදේශවලදි සිදුවූ වෙඩි තැබීම්වලට සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ සම්බන්ධතාවක් තිබෙන බවට නිරික්ෂණය වන බවත්, තංගල්ල හා රස්නායක පුර ප්‍රදේශවලදී සිදු වූ වෙඩි තැබීම් පුද්ගලික හේතු මත සිදුවූ බවට නිරීක්ෂණය වන බවත් නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.