ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගොඩගම ප්රදේශයේදී අනතුරට පත්වීම හේතුවෙන් කලටුවාව ජල පවිත්රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්රධාන නළයේ අනතුරෙන් සිදු වූ හානිය අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් 85,000කට පමණ තවමත් ජලය නොලැබෙන බවත් අද (18) පස්වරු 6 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
සිදුවූ ජල කාන්දුව නිසා නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කරීම හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්රදේශවලට ජල සැපයුම අඩාළවුණි. එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ පෙරවරුවේ සිට යුහුසුලුව සිදුකෙරුණි.