2023 ඔක්තෝම්බර් මාසයේදී විදුලිබිල එක් එක් කාණ්ඩ යටතේ ඉහළ දැමූ ප්‍රතිශතයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ සහ ආගමික සිද්ධස්ථාන වල 18%න්, කර්මාන්ත සහ හෝටල් කාණ්ඩය 12%න් සහ රජයේ ආයතන කාණ්ඩය 24%න් විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ අද (21දා) පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"අපි මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කළා. මම සඳුදා කැබිනට් මණ්ඩලයත් දැනුවත් කළා. අපි කලින් දුන්න යෝජනාවට වඩා අඩු කරන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. විදුලිබල මණ්ඩලය දැනුවත් කළා හෙට අපි ඒ යෝනජව මහජන උපයෝගීතා කොමිසමට ලබා දෙනවා කියලා.
මේ රටේ ජනතාවට ගෘහස්ථ කාණ්ඩයේ සහ ආගමික සිද්ධස්ථාන වල 18%න් වැඩි කළා. අපි කර්මාන්ත සහ හෝටල් කාණ්ඩය 12%න් අපි ඔක්තෝම්බර් මාසයේ බිල වැඩිකිරීමක් කළා. අලේ තියෙන රජයේ ආයතන කාණ්ඩය ඇතුලේ 24%න් අපි ඔක්තෝම්බර් මාසයේ බිල වැඩි කිරීමක් කළා. ඒ අනුව විදුලිබල මණ්ඩලය අපිට කිව්වේ ඔක්තෝම්බර් මාසයේ අපි වැඩි කළ මිල සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කටයුතු කරනවා කියලා."