ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය තවදුරටත් විවෘත කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන සිපෙට්කෝ හා ලංකා ඉන්දීය තෙල් සමාගමට අමතරව ලෝකයේ ඉන්ධන නිශ්පාදනය කරන වෙනත් රටවල සමාගම් වෙත ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.
මේ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන හල් 1190 ඉන්ධන හල් 200 හා 300 බැගින් එම සමාගම්වලට ලබාදීමට අදාළව කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
මෙම සමාගම්වලට මහ බැංකුවෙන් ඩොලර් ලබානොදෙන බවත් අවම වශයෙන් අවුරුද්දක් හෝ මාස හයක් ඔවුන්ගේ මව් සමාගම් හරහා ණය ක්‍රමයකින් හෝ ඉන්ධන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය නිමා වීම සඳහා මාස 2-3ක කාලයක් ගත වනු ඇති බවත් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවැසීය.