ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් ලාභ ලබන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 11.64ක් සංස්ථාව ලාභ ලබයි.
කෙසේ වෙතත් නමුත් සංස්ථාව අලෙවිකරන සෑම භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක අලාභයක් ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.මෙම ලාභ/අලාභ ගණනය කිරීම පසුගිය 18දාට අදාළ වෙයි.
කෙසේ වෙතත් මෙම ලාභ/අලාභවලට අමතරව පෙට්‍රල් හා ඩීසල්වලින් රජය අයකරන බදු හේතුවෙන්ද රජය විශාල ආදායමක් උපයනු ලබයි.
මේ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 82 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 102.88 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 59.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 87.15ක් ලෙස රජය බදු අයකරනු ලබයි.
මේ අනුව ඉන්ධන ලීටරයකට රජය අයකරන ලාභාංතිකය හා බදු අනුව රජයට විශාල ආදායමක් ලැබෙයි. ඒ අනුව පිළිවෙළින් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 98.21 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 212.32 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 62.5ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 98.79ක් ලෙස රජයට ආදායමක් ලැබෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට අයිති ව්‍යාපාරයක් වෙයි.