ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල වෙනස්වීමට හැකියාවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“දැනට පවතින තත්වයන් යටතේ ලේක වෙළඳපොලේ තෙල් මිල විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා. විශේෂයෙන්ම රුසියාව හා යුක්රේනය අතර පවතින යුද තත්ත්වය අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල විශාල ලෙස ඉහළ යාමක් තිබෙනවා.මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩු විදගෙන තමයි ඉන්ධන ලබා දෙන්නේ කියලා දැනටමත් ඔබ සියලු දෙනා දන්නා කාරණයක්.
යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.
වර්තමනාය වන විට ජලවිදුලිය සියයට 50කින් පමණ අඩුවී තිබෙනවා. දැනට පවතින නියං තත්ත්වය හේතුවෙන්. අපි දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ජල විදුලිය නොමැතිවීම අනෙක් අතින් ලෝක වෙළඳපෙළේ බොරතෙල් මිල ඉහළ යාම කියන කරුණු දෙකම නිසා ලංකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයත්, විදුලි ක්ෂේත්‍රයත් ගැටලුවකට පත්වෙලා තියෙනවා.”