ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් හා ඩිසල් මිල පහළ දමා ඇති අතර භූමිතෙල් මිල සංශෝධනය කර නොමැත.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 332කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 377කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 307කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 352කි.
ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි මිල රුපියල් 202ක් ලෙස පවතී.