ඉන්ධන මිල අද රාත්රී 10.00 සිට පහළ දැමිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා තිබේ.
මේ අනුව නව මිල වන්නේ,
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 450 ක්,
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 540 ක්,
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක්
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කි.
ඉන්ධන මිල සූත්රයේ පසුගිය සති දෙකේ ගැළපීම් අනුව මෙම මිල පහත වැටීම සිදුකර තිබේ.