ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලංකා භූමිතෙල් මිල ගණන් පහල දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් පහල දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මෙතෙක් පැවති මිල වන රුපියල් 420 රුපියල් 405ක් දක්වාද ලංකා භූමිතෙල් ලීටරයක මෙතෙක් පැවති මිල 365 සිට 355 දක්වාද අඩු කිරීමටද පියවර ගෙන තිබේ.