ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අනුව ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුකර නොමැත.
මෙම ඉන්ධන මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.