කඩවත ඉන්ධන පිරවුම් හලක පෙට්රල් ලබා ගැනිම සදහා පෝලිමේ සිටි 73 හැවිරිදි ත්රි රෝද රියදුරෙකු පෝලිමේ සිටයේදීම සිහිනැතිව ඇද වැටි රාගම රෝහලට ප්රථිකාර සදහා රැගෙන යමින් සිටියේදිම මිය ගොස් ඇති බව කඩවත පෙලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සමරවීර ආරචිචිගේ එඩිමන් රිචඩ් පෙරේරා නැමැති අංක 149/1/C 6 පටුමග,සිරි මංගල පාර,මාකොල දකුන,මාකොල යන ලිපිනයේ පදිංචි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වලදි මරණකරු මාකොල සිට කඩවත ප්රදේශයට කුලි ගමනක් පැමිණි අවස්ථාවේ ඉන්ධන අහවර වි ඉන්ධන ලබා ගැනිමට කඩවත පිරුවුම් හලක පෝලිමේ සිටියේදි කලන්තව ඇද වැටි ඇති බව අනාවරණය වු බව කඩවත පොලිසිය පවසයි.
මියගිය අයගේ බිරිද පොලිසියට ප්රකාශයක් කරමින් මියගොස් ඇති තම ස්වාමියා දිය වැඩියාව සහ හෘද රෝගය සදහා දීර්ග කාලයක සිට ප්රථිකාර ලබා ගනිමින් සිටින අයෙකු බව කට උත්තරයක් ලබා දි ඇති බව පොලිසිය සදහන් කරයි.
1990 ගිලන් රථ සේවය මගින් පෙට්රල් පෝලිමේ ඇද වැටි සිටි මරණකරු කඩවත පොලිසියේ නිලධාරින්ගේ සහය මත රාගම රෝහලට ඇතුලත් කිරිමට ගෙන යමින් සිටියේදි මෙම අවසනාවන්ත මරණය සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
මිය ගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මොහාන්ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පොලිස් නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩ්දුර පරික්ෂණ කටයුතු පවත්වා ගෙන යයි.
ඊයේ දිනනයේදී මහනුවර ඉන්ධන හලක් තුළ භූමිතෙල් ලබා ගැනිමට පැමිණ සිටි පුද්ගලයෙක් එම පොලිමේ සිටියදී ඇද වැටීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
ජා ඇල තිස්ස කොටින්කටුව