ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.
ඉන්දීය හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාවය සහ අන්තර්ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දු ශ්‍රී ලංකා නාවික අභ්‍යාසය වාර්ෂිකව පැවැත්වේ.
ඒ අනුව, SLINEX - 2024 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සයුර නෞකාව මෙලෙස දිවයිනෙන් පිටත්වූ අතර, නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව සයුර නෞකාව පිටත්ව යාම, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්ෂණයෙන් සිදු විය.

