ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අද (05දා) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
අනුර කුමාර දිසානායක මහතා සමග එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම සංචාරය සදහා එක් වී සිටියහ .
මෙම පිරිස 02/05 දින අලුයම 04.41 ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ.