ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
ඉන්දියාව පසුගිය මාසයෙදී රට අඟුලු දැමීමට කටයුතු කළේය. සෙනසුරාදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අමාත්‍යවරුන් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම පියවර දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත් ඉන්දියාව තුළ අඟුලු දැමීම මේ වන විට එරට දුප්පත්ම ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
ඉන්දියාව අඟුලු දැමීම ක්‍රියාත්මක කළත් සංක්රමනික ශ්‍රමිකයන් මාර්ග ඔස්සේ ඇතැම් විට කිලෝ මීටර් සිය ගණන් ගෙවමින් තමන්ගේ ගම් ප්‍රදේශවලට ගමන් කිරීමට කටයුතු කරයි.
මේ වන විට ඉන්දියාවේ කම්කරුවන් මිලියන ගණනකට සිය රැකියා අහිමි වී තිබේ.
ඉන්දියායේ ආසාදිතයන් 8000ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 288 ක් බව ඇමෙරිකාවේ ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කෙසේ වෙතත් විශ්ලේෂකයන් පවසන්නේ ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රමාණය මෙම අගය ඉක්මවා යා හැකි බවයි.