ඉන්දියාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වන IndiGo ගුවන් සේවය ඊයේ (01) දා සිට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රි ලංකාවේ යාපනය වෙත දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර තිබේ.
මෙය කටුනායකට අමතරව ශ්‍රි ලංකාව වෙත ඉන්ඩිගෝ ගුවන් සේවය සිදුකරන දෙවැනි ගුවන් මෙහෙයුමයි. චෙන්නායි හා යාපනය ගුවන් ගමනය ඉන්ඩිගෝ ගුවන් සේවයේ 34 වැනි ජාත්‍යන්තර සහ 122 වැනි සමස්ත ගමනාන්තයයි.
චෙන්නායි-යාපනය දෛනික ගුවන් යානය පස්වරු 13:55 ට චෙන්නායිවලින් පිටත්ව පස්වරු 15:10 ට යාපනයට පැමිණිමට නියමිතය.
යාපනය - චෙන්නායි දෛනික ගුවන් යානය පස්වරු 15:55 ට යාපනයෙන් පිටත් වන අතර එය පස්වරු 17:10 ට චෙන්නායි වෙත පැමිණීමට නියමිතය.