ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
“අනුරාධපුර සල්ගාදු පිටියේ දැවැන්ත රැස්වීම් තියන්නේ අපි, මං දැක්කා සල්ගාදු පිටියේ හට් 03 ක් ගහලා, හට් 03 ක තමයි කට්ටිය හිටියේ, අපි හට් ගහන්නේ නෑ, වේදිකාව හදලා සම්පූර්ණම අපේ ජනතාව හිටගෙන ඉඳලා වාඩිවෙන්නෙත් නෑ, සමහර දවස් වලට වේදිකාවත් කඩාගෙන ඉස්සරහාට එනවා, ආරක්ෂක වැටවල් කඩාගෙන එනවා, මේ රැස්වීමේ එහෙම දෙයක් පෙන්න තිබුණේ නෑ, සල්ගාදු පිටියේ ඔය රැස්වීම අපිට අභියෝගයක් නෙමෙයි, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු හැටියේ වෙනදා වගේම සල්ගාදු පිටිය පුරවන්න හයිය ශක්තිය අපිට තියෙනවා, ඔය රැස්වීම ඒ තරම් ලොකු දෙයක් හැටියට අපි සලකන්නේ නෑ.
මැතිවරණය නොතියා ඉන්නවාද කියලා ස්ථීර ප්‍රකාශයක් කරන්න ඔ්න ජනාධිපතිතුමා, එහෙම දෙයක් පේනන නම් නෑ, මාධ්‍ය වල එක එක ආකාරයට ඒක ප්‍රචාරය වුණාට අපිට නිළ වශයෙන් කවුරුවත් දැනුම් දීලා නෑ,මැතිවරණ නියම වෙලාවට තියයි, මැතිවරණ කොමිසමට බලය එනවානේ තව මාසයකින් විතර, මැතිවරණ කොමිසමේ වගකීමක් ඒක, කොමිසම ඒ වගකීම ඉටු කරයි.
අපේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉඟියක් දැන්ම දෙන්න බෑ, හේතුව ගෝඨභය ජනාධිපතිතුමා ඉල්ලන්න ඉස්සරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැය 24 න් තමයි අපේක්ෂකයා වුණේ, රටට නරකක් වුණත් එයාගේ වැඩේ සාර්ථක වුණානේ, අපිත් ඒ වගේ පැය 48 ක් විතර තියලා අපේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනවා.එතකොට එතුමාට ජයග්‍රහණය කරන්න ලේසියි.දැන් බලන්න, කලින් ජනාධිපති අපේක්ෂකයෝ නම් කරපු දෙන්නෙක් දැන් ඇණ කොටා ගන්නවා.
සජිත් ප්‍රේමදාස මහත්තයයි, අනුර දිසානායක මහත්තයයි, දැන් ඒ ගොල්ලන්ගේ ගෝරී බේරන්න දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා.ඡන්ද දිනන්න ඒ ගොල්ලම යොදා ගත්ත දේවල් සංවාද, සාකච්ජා, සම්මන්ත්රණ දාගෙන එක වේදිකාවට ඇවිත් ඒ අයගේ ප්‍රථිපත්ති ජනතාවට පැහැදිලි කරනවා කිව්වා, එක්කෙනක් ගිහින් තනියම වේදිකාව හදාගෙන කථා කළා, අනෙක් කෙනා කිව්වා අපිත් වේදිකාවක් හදා ගන්නවා කියලා.හැබැයි රටේ ජනතාව ගොනාට ඇන්දුවා කියලා තමයි දෙගොල්ලම දැනගන්න තියෙන්නේ.
ගෝඨාභය ජනාධිපතිතුමන්ටත් පිටරටින් ඇවිත් ටිකට් බුක් කරගෙන, ප්ලේන් බුක් කර ගෙන ඇවිත් ඡන්දය දුන්නානේ, එතුමා ජයග්‍රහණය කළා, අනුර දිසානායක මහත්තයාත් හිතාගෙන ඉන්නේ රට තියෙන ඡන්ද ටිකෙන් දිනන්න.ලංකාවේ තියෙන ඡන්දනේ වැඩිපුර තියෙන්නේ, විදේශ රට වල ඒ තරම් ඡන්ද සංඛ්‍යාවක් නෑනේ, විදේශ රට වල සංචාරයකුත් ගිහින් පොඩි සැපකුත් අරන්, එනවා ඇති, එහෙම නැතිව මෙහේ ඇවිද්දා නම් ඡන්ද ටිකක් හොයා ගන්න පුලුවන්.
අපේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයාද, ධම්මික පෙරේරා මහත්තයාද තවත් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවා අපේ පක්ෂයේ, කවුරු ඉල්ලුවත්, අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයක් තියෙනවා, දේශපාලන මණ්ඩලයෙන් තමයි අපි අවසන් තීන්දුව ගන්නේ,දැනට අපි සම්මුඛ පරීක්ෂණ තියා ගෙන යනවා, එළිපිට නෙමෙයි, සුදුස්සෝ, නුසුදුස්සෝ කවුද කියලා , සුදුස්සා කවුද කියලා තෝරන්නේ අපේ දේශපාලන බල මණ්ඩලය, ඒක තමයි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය, ඒ සම්මුඛ පරීක්ෂණය ලඟදීම තියලා අපේක්ෂකයා තෝරා ගන්න බලනවා.ඒකට තව කල් තියෙනවා, අපි මැතිවරණය කිට්ටු කරලා තමයි ඒක කරන්නේ.
ඉදිරි ආණ්ඩුවේ අපේ අගමැතිවරයා කවුද යන්න සම්බන්ධයෙන් තවම සාකච්ජා කලේ නෑ, දැනටත් පොහොට්ටුවේ අගමැතිවරයෙක් ඉන්නේ, අගමැති තනතුර අපි පොහොට්ටුවේ ඉඳගෙන වෙන කාටවත් දෙන්න කැමති නෑ, අනිවාර්යෙන්ම අගමැති පත් කිරීම පොහොට්ටුවෙන් කෙරෙයි.ජනාධිපතිවරයා පත් කර ගැනීම තමයි මේ වන විට සාකච්ජා කෙරෙමින් පවතින්නේ.ඒක පක්ෂය නිවැරදිව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.”