ඉදිරියේදී සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බවත්, විශේෂ ආරක්ෂාවක හිමි විය යුතු ජනාධිපතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (06දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ , විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත් කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නෑ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩු කරනවා කියලා. ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තියෙනවා.
හිටපු ජනාධිපතිවරු 4-5 දෙනාටම පොලීසියේ සහ හමුදාවේ 100ට වැඩිය යොදවලා තියෙනවා. සමහර අයට 180 ගණන් තියෙනවා. ආරක්ෂක භටයන් විතරක් නෙවෙයි, ආරක්ෂක රථ, බස් රථ, ඩිෆෙන්ඩර්, ත්‍රීවීල්, බයිසිකල්, ඇම්බියුලන්ස් දීලා තියෙනවා. අපි ගණන් හදලා බැලුවම දළ වශයෙන් පොලීසියේ ආරක්ෂාව ලබා දීම සහ ඒ අයට යන අනෙකුත් නඩත්තු වියදම් ගත්තම රුපියල් මිලියන 1,100ක් විතර යනවා. මේක වෙනස් කරන්න ඕනී. ඒ සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුයේ නිර්දේශ මත කැබිනට් පත්‍රිකාවත් ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට යම් ආරක්ෂාවකට අදාළ පියවර ගන්නවා. විශේෂ ආරක්ෂක තත්ත්වයන් තියෙන අයට විශේෂ වශයෙන් ආරක්ෂාව ලබා දෙන්න පියවර ගන්නවා. ”