ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.
එසේම මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය. එසේම ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලදි ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති බවත් එවැනි මුදලක් මහා භාණ්ඩාගාරය සතුව නොමැති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව එම මුදල් අච්චු ගසා ලබාදිමට සිදුවනු ඇති බවද ඔහු පැවැසීය.