යාපනය වඩමාරච්චි තම්පසිට්ටි වට්ටුවාන් ප්රදේශයේදී පවුල් දෙකක් අතර වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අතක් වෙන්වන සේ කපාදමා රැගෙන ගිය පුද්ගලයෙකු ඊයේ 01දා අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇතිකරගන්නා අතර ඊයේ දිනද ඒලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේදී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා වෙන් වූ අතේ කොටසද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇත.
පසුව අත කපාදැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.
මෙලෙස අතක කොටසක් අහිමිවී ඇත්තේ 30 හැවිරිදි ෙසල්වනායගම් සෙන්තුරන් නැමත්තාට වූ අතර ඔහුගේ ඥාතීන් විසින් මේ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට පැමිණිළි කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී ක්රියාත්මක වූ පොලීසිය විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගත්තද රැගෙන ගිය අතෙහි කොටස මෙතෙක් හමු නොවීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයාට අතෙහි මැණික්කටුව ආසන්නයෙන් අතෙහි කොටස අහිමි විය.
අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.