ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල, වලහන්දුව වත්ත නැමති ඉඩමෙන් එහි සේවකයින්ට ඉඩම් කැබලි ලබාදිමේ දි සිදුවි ඇති ඉඩම් අවභාවිතය පිළිබද පරික්ෂණයක් පවත්වා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව විනය පියවර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභා පත්රිකාව අනුව ගෙන ඇති තිරණයට අනුව කොමිෂන් සභාව විසින් එහි සේවකයින්ට ඉඩම් ලබාදිමේ දි ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට නිවසක් තනා ගැනිමට ඉඩමක් නොමැති බවට දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කළයුතු බවට තිරණය කොට තිබුණි. විගණනය මගින් කොමිෂන් සභාවේ සේවකයින්ට ඉඩම් කොටස් ලබාදිමට අදාළ පවත්වාගෙන යනු ලබන ගොණු පරික්ෂා කළද එසේ දිවුරුම් ප්රකාශ ලබාගෙන නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ අයුරින් කෑගල්ල දිස්ත්රික්කයේ වලකොටුව වත්ත, මාතලේ දිස්ත්රික්කයේ වරකන්ද වත්ත යන ඉඩම්වලින් කොමිෂන් සභාවේ සේවකයින්ට ඉඩම් ලබා දි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම් සභාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ කොමිෂන් සභාව විසින් සේවක පදනම මත ස්වාම්පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම එක් අයෙකු ලෙස නොසලකා දෙදෙනාටම ඉඩම් කොටස් ලබාදිම අනුමත කර ඇති බවය. සේවක පදනම මත ඉඩම් කොටස් ලබාදිමේ දි මුල් අවස්ථාවේ ඉඩම් කොටස් ලබා ගැනිම සදහා දිවුරුම් ප්රකාශ ලබාගැනිම සිදුකළද පසුකාලිනව එසේ දිවුරුම් ප්රකාශ ලබාගෙන නොමැති බවට කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. පුද්ගලික ජිවිතයේ දි සැමියා හා භාර්යාව වුවද සේවය කිරිමේ දි ඔවුන් වෙන් වෙන් වශයෙන් සේවකයින් දෙදෙනෙකු ලෙස සලකන බැවින් 2018.02.27 දින කොමිෂන් සභාව විසින් ස්වාමිපුර්ෂයාට සහ භාර්යාවට යන දෙදෙනාටම ඉඩම් කැබලි ලබාදිමට තිරණය කොට ඇති බව එහි කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්දයෙන් 2022 වර්ෂට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.