බෙලිඅත්ත පොලිස් බල ප්රදේශයට අයත්,ගලගම ,දකුණ නාකුළුගමුව ප්රදේශයේ පසුගිය 4 වන දා පුද්ගලයින් තිදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින විට ඒ ආසන්න ඉඩමකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සමඟ කතාබහකට යොමු වූ මෙම මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් තිදෙනා ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත.
පසුව එම මත්පැන් පානය කළ තිදෙනාගෙන් දෙදෙනෙකු ඉඩම ආසන්නයෙන් ගමන් කළ පුද්ගලගාගේ නිවසට ගොස් ගැටුමක් ඇතිකරගෙන ඇත. එම ගැටුමින් වයස අවුරුදු 62ක කාන්තාවක් ,වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 18 ක පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. එහි දී බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයා තංගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ(11)දින මියගොස් ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
මරණකරුට දඬු මුගුරුවලින් සහ මරණකරුගේ කලවා ප්රදේශයේ කැපුම් උදරය ප්රදේශයේ තැලුම් තුවාල තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි
පශ්චාත් මරණ පරීක්ෂණය අද(12)දින සිදුකිරීමට නියමිතව ඇති අතර මෙලෙස පහරදුන් පුද්ගලයින් දෙදෙනාගේද (මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් )පහහර වැදී ඇති වූ අපහසුතා හේතුවෙන් ද මාතර රෝහලේ ප්රතිකාර ලබා අවසන් වූ විට පසුගිය 7 දා පොලිස් භාරයට ගෙන ඇති අතර එලඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පවසයි.
මෙම ගැටුමට හේතුව ඉඩම් ආරවුලක් බවත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.
කවීෂා ගුරුසිංහ