1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම 2024 අයවැය යෝජනාවකි.
ඒ් අනුව එය ක්‍රියාවට නැංවීම පහසුකරවීම සඳහා දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354600/ 0114 354601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා ඇත.
ජනාධිපති මාධ්‍යය අංශය වැඩිදුරටත් කරුණු දක්වමින් සධහන් කර සිටින්නේ www.tinyurl.com/urumaya www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා ඇති බවයි.
ඉන්දුමූර්ති ජයසූරිය