දේශීය ඉගුරු අස්වැන්න වෙළඳපලට ලැබෙද්දී විදේශ රටවලින් අමු ඉඟුරු ගෙන්වීම තහනම් කර තිබියදී ඉතා සූක්ෂම ලෙස විදේශ රටවලින් ගෙන්වූ අමු ඉඟුරු අඩු මිල ගණන් යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීම දින ගණනාවක සිට සිදුවන බව දේශීය ඉඟුරු ගොවීහු චෝදනා කරති.
මේ වන විට දේශීය අමු ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් 1900 ත් 1800 අතර වන බවත් විදේශ රටවලින් ගෙන්වූ අමු ඉඟුරු කිලෝව රුපියල් 1500 සිය සිට රුපියල් 1700 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ දේශීය ඇසුරුම් වලින් බහා ඒවා අලෙවි කිරීම සිදුකරන බව ගොවීන් පවසති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත සහ ආර්ථික මධ්‍යස්ථානයට පිටතින් ඇති විදේශ රටවලින් අල ලුණු ගෙන්වන ගබඩාවලද මේවා අලෙවි කිරීමට තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
එම අලවිසැල් වලට ගොස් විමසීමේදී මෙවා ලබා දුන් ගොවියෙක් හෝ කාගේද යන්න ඔවුන්ට නිසි ලෙස ප්‍රකාශ කර ගැනීමට නොහැකි විය .ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත වෙළඳසැලක විශාල ප්‍රමාණයක් ලොරි දෙකකින් ගෙනවිත් එම වෙළෙඳසැලේ තබා අමු ඉඟුරු අලෙවිකරන අයුරු ගොවීන් පෙන්වා දෙන්නට විය
එම වෙළඳසැල් හිමියාගෙන් විමසීමේදී කියා සිටියේ තමන් එම එඟුරු කුමන රටකින් ගෙනාවේ ද කීයකට විකුණන්නේද යන්න කිසිවක් නොදන්නා බවය කෙසේ වෙතත් එම ලොරි රථයේ රියදුරු සඳහන් කළේ ගලේවෙල ප්‍රදේශයේ නිවසක තිබී එම අමු ඉඟුරු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ බවයි . මෙම ස්ථානයේ සිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් කිහිපයකට කම්කරුවන් මගින් මේවා රැගෙන ගොස් ඒවා වෙනත් ඇසුරුම් වලට යොමු කොට දේශීය අමු ඉඟුරුත් ලෙස හුවා දක්වමින් අලෙවි කිරීම සිදුකරන අයුරු අනාවරානය කර ගනිමට ගොවීන්ට හැකිවිණි .
මෙම අමු ඉඟුරු විදේශ රටවලින්ගෙන්වූ බවට ඕනෑ තරම් සාධක සතු බවත් බැලූ බැල්මට ඒවා මෙරට අමු ඉඟුරු නොවන බවට තමන්ට ප්‍රකාශ කිරීමට හැකි බව ව්‍යාපාරිකයන් මෙන්ම දේශීය ගුරු වගා කරන ගොවීන්ද ප්‍රකාශ කරන්නට වූහ.
කෙසේ වෙතත් මෙම ඉඟුරු තොග දේශීය ලෙස ඇසුරුම් කොට අලෙවිකරණ ව්‍යාපාරිකයන්ට ඒවා රැගෙන ආ ගොවීන් හෝ කවුරුන් විසින් රැගෙන ආවේ ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් රජය සතු වෙළඳසැල් නිසාවෙන් තහනම් භාණ්ඩ අලවිකිරීම පිළිබඳව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරයේ සේවකයෙකු මෙම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට ද මෙම හිඟුරු රැගෙන ආ වේ කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීමට නොහැකිවූ අතරන් එම ව්‍යාපාරිකයා ජංගම දුරකථනය හරහා වෙනත් අයෙකු එම නිලධාරියාට සම්බන්ධ කරන්නට විය .එහිදී දෙදෙනා අතර ඇති වූ කසාබහේදී හෙළි වූයේ ද මෙම ඉඟුරු තොගය පිළිබඳව සැක උපදවන සිද්ධීන් රැසකි.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා වෙත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරන භාරය මගින් මෙම හිඟුරු අලෙවිය සම්බන්ධයෙන් දැනුම් දීමත් සමඟ ඒ පිළිබඳව වහාම දඹුල්ල පොලිසියට දැනුවත් කොට පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම්පියල් ජයසූරිය මහතා සඳහන් කළේය.
ඉඟුරු විදේශ රටවලින් ගෙන්වා අලෙවි කිරීමට හැකියාවක් තිබේදැයි නීතියෙන් අවසර තිබේදැයි අප කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙවන විට විදේශ රටවලින් අමු ඉඟුරු ලංකාවට ගෙන්වීම අත්හිටුවා තිබෙන බවය. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කිසිදු අවසරයක් ලබාදී නැති බවත් ඉතා හොර රහසේ මෙම ඉඟුරු ලංකාවට ගෙන්වා ඇති බවට තමන් සැකක පළ කරන බව අමාත්‍යවරයා පැවසීය
කෙසේ වෙතත් 25 දින පස්වරුව වන විට මෙම අමු ඉඟුරු සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරි වරයා ඇතුළු විශේෂ පොලිස් කන්ඩායාමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් වෙළඳ සැල් කිහිපයක අලෙවි කිරීම සඳහා යොදවා තිබූ විදේශ රටවලින් ගෙන් වූ බවට සැක කරන දේශීය මළු වලට ඇසුරුම් කොට තිබූ විශාල ඉඟුරු ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් අතර ඇතැම් ස්ථානවලින් අලවිකිරීමට තිබූ එම අමු ඉඟුරු පොලිසිය යන විට අතුරුදහන් වී තිබුණු බවද පොලිසිය කියයි.
ඒ අනුව දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් කණ්ඩායමක් පස්වරුව වන විටත් අමු ඉගුරු සොයා පරීක්ෂණ සිදු කරමින් සිටියහ .
මෙම ඉගුරු ගෙන් වූ බව කියන ව්‍යාපාරිකයාට ගෙන් පොලිසිය විමසීමේදී ඔහුද පොලිසියට පවසා ඇත්තේ මෙම ඉඟුරු විදේශ රටවලින් නොව ලංකාවෙන් තමන් මිලදී ගත් ඉඟුරු බවය
කෙසේ වෙතත් මෙහි විශාල වශයෙන් ඉඟුරු වගා කරන ගොවීන් ඉතා සූක්ෂම ලෙස මෙම අලවිසැල් වලට ගොස් මිලදී ගන්නා ලෙස සොයා බලා ඒවා ඉන්දියාවෙන්ගෙන් වූ බවට ප්‍රකාශ කළේ යැයි ඉගුරු ගොවීන් පොලීසියට ප්‍රකාශ කරන්නට විය.