එස් පාස් විශේෂ අවසර පත්‍රය හිටපු ජනාධිපතිවරුන්ටත් ලබා දීලා
ඒවා බාහිර පුද්ගලයන් අතට පත්වෙලා
දිනකට එම බලපත්‍රවලින් සහ දුරකථන ඇමතුම් මගින් වාහන 150/200 ත් අතර මුදල් ගෙවීමකින් තොරව ගමන් කරලා
සිදුවූ පාඩුව රුපියල් කෝටි ගණනාවක්
"එස් පාස් " විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය
මේ හේතුවෙන් වාහන 150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා කිය
අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති , අගමැති , මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා ගෙන් අප කළ විමසීමකදී පැවසීය
ඉකුත් රජයන් සමයේ ජනාධිපති හෝ අගමැති අධිවේගී මාර්ගයේ ගමන් නොකළත් එස් පාස් ( විශේෂ අවසර පත්‍ර) භාවිතා කරමින් දිනකට වාහන 150 /200 පමණ අතර ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇතැයි ද එම අවසර පත්‍රය නොමැතිවද ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආරක්ෂක අංශයේ වාහනද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙන් දිනකට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් මාර්ග සංවර්ධන අධිකාරියට දැරීමට සිදුවී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි
එස් පාස් විශේෂ අවසර පත්‍ර හිටපු ජනාධිපතිවරුන්ට ලබාදීමට අවසර නැතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ , හා මෛත්‍රීපාල සිරිසේන මහත්ම මහත්මීන්ට ද අසීමිත ආකාරයෙන් එස් පාස් පසුගිය රජයන්වල ඉහළ බලධාරීන්ගේ නියෝග මත නීති විරෝධී ලෙස නිකුත් කර තිබී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
එම බලපත්‍රයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා නම් එම විශේෂිත පුද්ගලයා සිටිය යුතු බව ගැසට්ටුවේ සඳහන් වුවද එම බලපත්‍ර බාහිර පුද්ගලයන් අතට පත්වීම හේතුවෙන් එම විශේෂිත පුද්ගලයන් නොමැතිව ද බලපත්‍රය අවභාවිතා කරමින් එක බලපත්‍රයට වාහන 10/15 අධිවේගී මාර්ගය ඔස්සේ එක පෙලට ඉකුත් රජයන් සමයේ ධාවනය වී ඇතැයිද පැවසේ.