විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඉකුත් අධ්‍යයන වර්ෂ දෙක සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමෙන් පසු තවදුරටත් පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු නොකිරීමෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේදී පමණක් සිසුන් 2941 ට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මේ අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයේ සිසුන් 1857 කට සහ 2021/2022 අධ්‍යයන වර්ෂයේ සිසුන් 1084 කට මෙලෙස විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවී තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් සකස් කළ නවතම විගණන වාර්තාවේ විගණන නිරීක්ෂණ යටතේ පෙන්වා දී තිබේ.
අදාළ අධ්‍යයන වර්ෂවල ඇතිවූ පුරප්පාඩු සඳහා සිසුන් අනුයුක්ත කළත් එම සිසුන් ප්‍රවේශය භාර නොගැනීම මත ඉහතකී පුරප්පාඩු ඇතිවූ බව මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කළමනාකාරිත්වය සිය පිළිතුර ලෙස විගණනයට දන්වා ඇත.
පුරප්පාඩු ප්‍රමාණය අවම කර උපරිම වශයෙන් සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවස්ථා සැලසීමට කටයුතු කළ බව ජාතික විගණන කාර්යාලය මගින් මේ සම්බන්ධයෙන් විගණන නිර්දේශ ලබා දී තිබේ.