දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් ඊයේ (4) සවස මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේ සිදුවුණි
එම සිදුවීම ප්‍රදේශයේ මහත් ශෝකයට හේතු වී තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පෝරදීවුඅත්තු යොවුන් ගොවිතැන් ව්‍යාපෘතියේ දී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු විකාන් නමැති පිරිමි දරුවා ඇළට වැටී ජීවිතක්ෂයට පත්ව්ය
මෙම දරුවා නිවස අසළ ඇළේ සෙල්ලම් කරමින් සිටියදී ඇළට වැටී ඇත. ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය වෛද්‍ය රෝහලට ඇතුලත් කිරීමට පෙර දරුවා මිය ගිය බව වෛද්‍යවරු පවසයි
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවා කළුවන්චිකුඩි මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.