බදුල්ල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද 16 සවස හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ එම මාර්ගයේ මලිතගොල්ල කරඳගොල්ල සහ ඒ ආශ්‍රිතව එම මාර්ගයේ තැනින් තැන පවතින දැඩි නාය යෑම් අවධානම් තත්ත්වය හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවද එම මධ්‍යස්ථානය පැවසීය.
විකල්ප මාර්ග ලෙස බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය පස්සර බිබිල හරහා මාර්ගය භාවිතා කරන ලෙසද පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.