සක්‍රිය වී ඇති ඇල්ල කරදගොල්ල නායයාම සම්බන්ධ භූමිය මතුපිට ඇති ජලය ඉවත් කිරීම හා එම ජලය බැස යාම ක්‍රමවත් කිරීමේ කටයුතු සඳහා අද 29 යුද හමුදාව ඇතුළු සහන සේවකයින් යෙදවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
ඇල්ල කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ මේ වන විට මතුව ඇති නායයාමේ අවධානම පිළිබඳව අද 29 දිනයේත් විශේෂ කණ්ඩායම් නිරීක්ෂණය කරන බවත් එම ස්ථානයේ අවධානම අවම කර ගැනීමට අවශ්‍ය කෙටිකාලින හා දිගුකාලීන පියවර අනුගමනය කරමින් සිටින බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය 25 දින මෙම නායයාමේ අවදානම මතු වූ අතර අද දින වන විට එම නාය යාම වඩා සක්‍රීය තත්ත්වයට පත්වී ඇති බවත් දැනට කරන නිරීක්ෂණවල සටහන් වන බවද ඒ මහතා පැවසීය.
මේ වනවිට යුද හමුදාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය සභාව ,මාර්ග සංවර්ධන අධිකාරිය විදුලිබල මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කණ්ඩායම් එක්ව මතුපිට ඇති ජලය ඉවත් කිරීම හා ජලය බැස යාම කළමනාකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
මෙම තත්වය උමා ඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා ඇතිවූ බලපෑමක් විය හැකි බව එම ප්‍රදේශයේ පදිංචි ජනතාව තුළ මේ වන විට කතාබහක් මතුවී තිබේ.
මේ වන විට නිවාස කැඩී ගොස් ගස්කොලන් කඩාවැටි අක්කර පහළොවක පමණ භූමි ප්‍රදේශයක් මෙම නායාමට ගොදුරු වී ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.
විශේෂයෙන් මෙම නාය යාම පිළිබඳව අවධානය යොමු කිරීමට හේතු වී ඇත්තේ එමඟින් ඇල්ල වැල්ලවාය මාර්ගයට මතු වී ඇති අවධානම ඇල්ල සංචාරක ව්‍යාපාරයට ඇති වන බලපෑම සහ එම ගම්මානයේ පවුල් ගණනාවකට ඇතිවන බලපෑම හේතුවෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙසේ නාය ගොස් ඇති ස්ථානය සම්බන්ධව ලබන මැයි පළමුවෙනිදා අදාල කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විද්‍යාත්මක පුළුල් අධ්‍යයනයකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් බදුල්ල දිස්ත්රීන් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.