සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල ආරුක්කු නමය පාලම අසල බඹරවද ඇවිස්සීම නිසා ඇතිවන අවදානම වැළැක්වීමේ අරමුණින් බඹර කූඩු ඉවත් කිරීම සහ බඹරවද නැවත සකස් කිරීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද 13 දින සිට ක්‍රියාත්මක කරන බව ඇල්ල ප්‍රා දේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.
ඇල්ල ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ප්‍ර දේශවාසීන්ගේ මූල්‍යදායකත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බිඟු සුරැකීමේ සංවිධානය මගින් මෙම බඹරවද ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.
මිට අමතරව හදිසි බඹර ප්‍ර හාරයකින් ආරක්ෂාවීම සඳහා ආරක්ෂක කුටියක් නිර්මාණය කිරීමටද කටයුතු යොදා ඇති බව ඒ මහතා පැවසීය.
ආරුක්කු නමය පාලම හා ඒ ආශ්රිත ප්‍ර දේශයේ ගැවසෙන දෙස් විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඒ මහතා සඳහන් කළේය.ඇල්ල සහ ආරුක්කු නමය පාලම ආශ්රිත ප්‍ර දේශයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් සුප්‍රසිද්ධ ගමනාන්තයෙකි.
හල්දුම්මුල්ල එස්.පී.නානායක්කාර/ප්‍රසාද් රුක්මාල්