10.00PM
ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 7ක් හිමිකරගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 3ක් හිමිකරගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 2ක් හිමිකරගෙන තිබේ.
4.10 PM
ඇල්ලපිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද (11දා) සවස 4 ට අවසන් විය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75කට ආසන්න අගයකට පැමිණ තිබුණි.
මධ්‍යස්ථාන 47ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවූ අතර එම මධ්‍යස්ථාන තුළම ඡන්දය ගණන් කිරීමට නියමිතය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාල ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරනු ලබන්නේ ඇල්පිටිය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවැසුවේ ඉතා සාමකාමී මැතිවරණයක් ලෙස ඡන්ද විමසීම පැවැති බවයි.
7.00 AM
සභිකයන් 28ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.
පෙ.ව. 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්විමට නියමිතය. මන්ත්‍රී ආසන 28ක් වෙනුවෙන් 85 දෙනෙකු තරග වදියි. ඡන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබේ.