ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට (26දා) පැවැත් වේ.එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 14 වැනි දා සිදු කළ අතර මේ 20 වැනි දින වන විට සියලු ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කර තිබේ.
මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව 55,643කි.ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 8ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් ව සිටී.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැඟිල්ලේ තීන්ත අලේප කරීම හේතුවෙනි.