ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණයට එකඟ නොවන බව දන්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.
හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි.