නිව් ෆෝට්රස් එනර්ජි ගිවිසුම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් නොවුණ බවට තමන් ප්‍රකාශ කළේ සත්‍ය බවත් ඇමති තනතුරට වඩා රට ලොකු බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. වරදක් නොකළ නිසා අමාත්‍ය තනතුරින් ඉවත් වීමේ උවමනාවක් නොදකින නමුත් තමන්ව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනපතිවරයා තීරණයක් ගැනීම ගැටලුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"නිව් ෆෝට්ස් එනර්ජි සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් නොවුණ බවටත්, එය පිළිබඳව විධිමත් සාකච්ඡාවක් සිදු නොවුණ බවටත් එවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කිසිසේත්ම විධිමත්ව අනුමත නොවුණ බවටත් අපි රටටත් උසාවියටත් කිව්වේ ඇත්ත හා ඇත්ත පමණමයි.
අපි රටට වරදක් කරලා නෑ. රටට ආදරය කිරීම වරදක් කියලා හිතන්නේ නෑ. ඒ වගේම වරදක් නොකළ නිසා ඉල්ලා අස්වීමේ උවමනාවක් අපි දකින්නේ නෑ. අපි වරදක් කළානම් තමයි අපි ඉල්ලා අස්වෙන්න ඕන. හැබැයි කවුරුහරි හිතනවානම් අපි වරදක් කළා කියලා අපිව ඉවත් කිරීම පිළිබඳව ජනපතිතුමා තීරණයක් ගැනීම පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.
අපි අමාත්‍ය ධුරය අහිමිවීම පිළිබඳව අවදානම දනිමින් එම අවදානම ගනිමින් තමයි අපි එදා රටටත් උසාවියටත් ඇත්ත ප්‍රකාශ කරන්න තීරණය කළේ. අපිට හෘද සාක්ෂිය, ජනතාවට ඇත්ත කීම හා රට රැක ගැනීම ඇමති තනතුරට වඩා වැදගත් ඇමති තනතුරට වඩා ලොකුයි කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුයි"