හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ආරක්ෂක හේතූන් මත ඔහුට එයින් පිටව නොයන ලෙස පොලිසිය උපදෙස් දී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
හිටපු ජනපතිවරයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සිංගප්පූරුවේ සිට වරලත් ගුවන් යානයකින් බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට පමණ Don Mueang ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.
මෙම ගුවන් යානය මුලින්ම ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇත. හිටපු ජනපතිවරයා තායිලන්තයට පැමිණිවිට ඔහුගේ ආරක්ෂාව සඳහා තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් යොදවා තිබුණි.
ඉන් අනතුරුව ඔවුන් හිටපු ජනපතිවරයාව ආරක්ෂා සහිතව ස්ථානය හෙළි නොකළ හෝටලයක් වෙත ගෙන ගොස් තිබේ. එහි ආරක්ෂාව සඳහා තායිලන්තයේ විශේෂ ශාඛා කාර්යාංශයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇත. හිටපු ජනපතිවරයාට තායිලන්තයෙ රැදී සිටින කාලය තුළදී හෝටලය තුළම රැඳී සිටින ලෙස නිලධාරීන් දන්වා ඇත.