පාදුක්ක වටරැක ප්රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් (04) දා උදෑසන ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.
ඒ අතර කාන්තාවන් විසි පස් දෙනෙකු හා පුද්ගලයින් දහ අට දෙනෙකු වන බවත් ඔවුන් අවුරුදු 20 - 40 අතර වයසේ පසු වන්නන් බවත් පොලිසිය කියයි.
මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ වමනය , ක්ලාන්ත ගතිය, උදරයේ ආබාධ ඇතිව තිබේ.
ඒ අනුව 1990 සුවසැරිය ගිලන් රථවලින් හා ආයතනයේ වාහනවලින් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ප්රතිකාර සඳහා රෝහලට ඇතුලත් කළ සේවක සේවිකාවන් හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන අතර ඉන් කිහිප දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා 4 සහ 5 වාට්ටු වලට ඇතුලත් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.