අපේ ආණ්ඩුව ලෝක වාර්තාවක් තියපු ආණ්ඩුවක් ජනාධිපති වරයයි ඇමතිවරු දෙකයි.කිසිවක් බිඳ වැටෙන්නැතිව කරගෙන යනව."ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී පැවසීය.පපාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තංගල්ලේ පැවති මංගල ජනරැලිය අමතමින් මෙී බව ඔහු පැවැසීය.
නොවැම්බර් 14 වනදාට අන්න පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමෙී කාර්යභාරයට මෙී රටෙී ජනතාව හිමිකම් කියනව. එම කාර්ය අකුරට ඉටුකරන බවට විශ්වාසය තියෙනව. නොවැම්බර් 14 වනදා ශක්තිමත් ,බලවත්, පාර්ලිමේන්තුවක් ජාතික ජනබලවෙීගය විසින් ලබාගතයුතුයි.
නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වෙීච්චාවෙන්ම පිරිසිදු වෙනව.එහෙම නේද?විශේෂයෙන්ම හම්බන්තොට අවුරුදු 88කට පස්සෙ පොඩි කාලයක් නෙවෙයි. හොඳද? නම නැහැ ඡන්ද පත්රිකාවෙ.හොයල බැලුවම පේනව 60කට වැඩි පිරිසක් ස්වෙීච්චාවෙන්ම අස්වෙලා තියෙනව .ඉතුරු පිරිස පිරිසිදු කිරීම මෙී රටෙී ජනතාව අකුරට ඉටුකරන බව අපි දන්නව.
රාජ්‍ය වියදම්,නාස්ති කිරීම් නතර කිරීමට අපි කටයුතු ආරම්භ කරල තියෙන්නෙ .ඒවට සාමාන්‍ය ජනතාව පෙළ ගැහිල තියෙන්නෙ.
මෙී රටෙී ජනතාව කවදාවත් අත්විඳපු නැති දේශපාලන සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කරල තියෙනව. ජයග්‍රහණය සමරන්නෙ කොහොමද ?,මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නෙ කොහොමද ?ආණ්ඩුවක් කරන්නෙ කොහොමද ?ජනාධිපතිවරු රාජ්‍ය යාන්ත්‍රණය,කරන්නෙ කොහොමද ?නාස්තිය නතර කරන්නෙ කොහොමද ?මෙී සියල්ල ඔප්පු කරමින් තියෙන්නෙ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගෙ වැටුප් වැඩිකරන්න කටයුතු සකස් කරමින් ඉන්නෙ.එසේම ජනතාවට සහන රැසක් ලබාදෙනව.
අපේ භාරධූර කාර්යක් තමයි වහාම ආර්ථිකය ශක්තිමත් කිරීම.ඔබට මතක ඇති අපි ජනාධිපති වරණ වෙීදිකාවල කියපු කතා අපි කිව්ව වගේම ඒ සියල්ල ඉටුකරනව මතක තියාගන්න.
සමහරු වහසිබස් දොඩවමින් කියනව මාස3යි,6යි,ආණ්ඩුව වැටෙයි, කියල පව්.මතක තියාගන්න! ජාතික ජනබලවෙීගය මෙී ආරම්භ කරපු මෙී ගමන රට ගොඩනගන රටෙී ජනතාවට හොඳ ජීවිතයක් ගෙන දෙන ආණ්ඩුවක්.එම තත්ත්වය ඇති කරන තෙක් ගමන කිසිවකුටත් වලක්වන්නට බැහැ .සහතික වශයෙන්ම මෙ කඩා දමන ලද රට ගොඩනගනව සහතිකයි. දුගී දුප්පත් අහිංසක ජනතාව ඉන් මුදාගැනීමෙී මෙහෙයුම ආරම්භ කරල තියෙන්නෙ.වංචා දූෂණවලින් තුරන් ස්වයංපෝෂිත රටක් ගොඩ නැගීම අපේ ප්‍රධාන අරමුණක්!
ඉදිරි වසර 5 ඇතුළත ජනතා අපේක්ෂා සියල්ලම ඉටුකිරීම අපේ රජයේ බලාපොරොත්තුව. ඩිජිටල් තාක්ෂණයෙන් ඉහලම තැනකට අපේ රට වැඩි කලක් යන්න මත්තෙන් ගෙන යාම අපේ තවත් අරමුණක් .ඒ සඳහා එම ක්ෂේත්රයේ ප්‍රධානම විද්වතා අප සමග ඉන්නව.ඔහු මිලියන ගණනක් වැටුප් ගත් කෙනෙක්.ඔහු ඒ සියල්ල අත් හැර දමා ස්වෙීච්චාවෙන්ම ඔහු කටයුතු කරනව. සති කිහිපයකින් වැඩ ඇරඹෙනව.මෙීවගේ ස්වෙීච්චාවෙන් කටයුතු කරන්න තවත් රැසක් අප වටා එක්වෙලා ඉන්නෙ.
හිටපු ජනාධිපති වරුන් දෙදෙනෙක් සඳහා වාහන 16 බැගින් බැගින් ලබාගෙන. ඉක්මනින්ම එම වාහන රජයට බාරදෙන ලෙස දන්වා යවනව. ඒ වෙනුවෙන් සංශෝධන සිදුකෙරෙනව ආරක්ෂාව සම්බන්ධයෙන් රජය බලාගන්නම්. හැබැයි ආරක්ෂාව පිළිබඳ ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ. ආසන්නයේම හිටපු ජනපතිවරයා මට ලිපියක් එවල කියනව කෝකියෝ 16ක් ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවෙන් 163ක් හා කුඩ 30ක් වාහන 20 ගණනක් හා ඇම්බියුලන්ස් 2ක් ඔීන කියල දෙන්නද?...දෙන්නෑ.
මතක තියාගන්න මෙරට මහජනයගෙ ධනයෙන්ඒ විදියට නාස්තිකාර වැඩකිරීම් වලට තිතතබනව ෂුවර්.බොරු වට නිවෙීදන දාන්න එපා ආරක්ෂාවට තර්ජන කියා."