ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන ලද බවට වන තොරතුර මත සිදු කළ පරීක්ෂණ මත මේ වන විට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා සැකපිට මේ තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තුන්දෙනාගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. යම්කිසි කැළඹිලිකාරී තත්ත්වයක් ඇති කරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අයගේ සම්බන්ධයක් තියෙනවාද , උත්සාහවක් තියෙනවාද කියලා බලනවා. ඒ ලබා ගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ”