ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.
ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බව විශ්වාසනීය තොරතුරු තමන් වෙත ලැබී ඇති බව සඳහන් කරමින් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත.