මෙරට ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ල විය හැකි බවට මුලින්ම ශ්රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදි ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වෙයි.
ආරගම්බේ ඊශ්රායෙල ජාතිකයන්ගේ ප්රියතම සංචාරක ගමනාන්තයක් වන අතර පසුගිය දිනවලදි ඊශ්රායෙලය විසින්ම හිස්බුල්ලා සංවිධානයේ නායකයන් ඝාතනය කිරිමට පලිගැනිමක් වශයෙන් ඊශ්රායෙල ජාතිකයන් ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කිරිමට සැලසුම් කර තිබේ.
අදාළ ප්රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.
මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.