ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වූ බවත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඳ නිහාල් තල්දූව මහතා පැවසීය.
අද(23දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයන් විසින් ස්ථාපනය කර ඇති ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් බවට ආරුගම්බේ පත්වෙලා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ යම් යම් තොරතුරු ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයන්ට යම් ආකාරයකට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ නිසා නැගෙනහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර ක්‍රියාත්මක කරලා තියෙනවා. පසුගිය දින කිහිපයේ මාර්ග බාධක යොදලා එම ප්‍රදේශයේ වාහන සහ පුද්ගලයන් සෝදිසි කරනු ලැබුවා. අද දිනය වන විටත් ඒ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙනවා. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, යුධ හමුදාව අවශ්‍ය ස්ථාව වලට යොදලා තියෙනවා වගේම බුද්ධි අංශ නිලධාරින් යොදවලා තියෙනවා. ”