ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය නව උරුම කළමනාකරණ වැඩසටහනක් යටතේ ආරක්ෂා කෙරේ.මේ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, දුම්රිය දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළේය.
ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර අවබෝධතා ගිවිසුමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අත්සන් තැබිණි.
ලංකාව තුළ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් මෙහිදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතවද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කේන්ද්‍රස්ථාන මෙවැනි ව්‍යාපෘති මඟින් සංවර්ධනය කර සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කරන බවයි. එකල මෙම නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්රයේ තුළ ඉහල ඇගයීමට ලක්වු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සිදු කිරීමේදී ස්වාභාවික පරිසරයේ පැවැත්ම සහ ස්ථිරභාවය ආරක්ෂා වන පරිදි සහ අනාගත පරපුරේ උරුමය පිළිබඳවද සැලකිල්ලක් දක්වන්නැයි ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඇල්ල ඔඩිසි, දුන්හිද ඔඩිසි හා කැලිප්සෝ දුම්රියන් මෙහි වැදගත් පියවරක් බවයි.
මෙම ව්‍යාපෘති ආශ්‍රිතව ඉතාම වැදගත්කමක් උසුලන දුම්රිය සේවය නවීකරණය කර සංවර්ධනය කිරීමේ යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.