නව කොරෝනා වයිරසය හේතුවෙන් ශ්රී ලංකාවේ ආදායම සියයට 50කින් පමණ පහළ යා හැකි බව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මේ වන විට මුළු ලෝකයට මෙම අර්බුදය තුළ පවතින හෙයින් විදේශ ආධාර ලබාගැනීමේ හැකියාවක් නොමැති බවයි.
මෙම අර්බුදය අවසන් වන තෙක් ශ්රී ලංකාවේ කඩාවැටීමට ලක්ව ඇති ක්ෂේත්ර ආරක්ෂා කළ යුතු බවත් ණය ගෙවීම් පිළිබඳව ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් ඒවායින් ඔවුන්ව නිදහස් කර ගැනිමේ සහන ලබාදීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.
කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වූ ජනතාවට ආර්ථික වයිරසයෙන් පීඩා විදින්න ඉඩ නොදිය යුුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.