ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාල වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විස්තිර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනයෙන් අනතුරුව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.
එසේම 2023 දෙසැම්බර් අවසානය සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සමාජ වියදම් ඉලක්ක හැර සෙසු සියලුම සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇි බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. එසේම 2024 අප්‍රේල් අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාදයකින් හෝ යුතුව සපුරා හෝ ක්‍රියාත්මක කර ඇති බවද අරමුදල පවසයි.
එසේ වුවද, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයේ මාවත තවමත් තිරණාත්මක අවධියක පසුවන බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් ආර්ථිකය තිරසාර ප්‍රතිසාධනය සහ ණය තිරසාරත්වය කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවද මූලය අරමුදල වැඩිදුරටත් පවසයි.