ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපරිකයන්, මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මේ අනුව පත්කර තිබේ.
මෙම කමිටුවේ සාමාජිකයන් - මහාචාර්ය එච්.වී කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අෂ්රෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය, විශ් ගෝවින්දසාමි, එස්. රෙංගනාදන්, රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්, ප්‍රභාෂ් සුබසිංහ, දුමින්ද හුලංගමුව, සුජීව මුදලිගේ