රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ පැවති නිලධාරී හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බවත්, අයි.එම්.එෆ් තරහ වුවහොත් රටේ ආර්ථිකය අගාධයකට ඇද වැටෙන බවත් මෙහිදී සඳහන් කර ඇත.
තමාගේ මූලික අරමුණ වූයේ, රටේ ආර්ථිකය බේරා ගැනීම බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි කොන්දේසි පැනවීමේ අරමුණද රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම බව පෙන්වා දී තිබේ. ජනතාව ඒ සත්‍ය කාරණය වටහාගත යුතු බවද ජනාධිපතිවරයා පවසා ඇත.